spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොංකොං ජාතික නිරූපිකාවගේ ඝාතනයට හිටපු සැමියා අත්අඩංගුවට

ඇබී චෝයි නැමැති හොංකොං ජාතික නිරූපිකාවකගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ හිටපු සැමියා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සැකකාර හිටපු සැමියා ඊයේ දිනයේ දී බෝට්ටුවක් මඟින් නගරයෙන් පිටවීමට උත්සාහ කිරීමේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ දෙමව්පියන් සහ වැඩිමහල් සහෝදරයා ද මෙම නිරූපිකාවගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

28 හැවිරිදි චෝයි පසුගිය බදාදා අතුරුදහන් වූ බවට තොරතුරු වාර්තා වූ අතර, පෙරේදා (සිකුරාදා) ඇයගේ සිරුරු කොටස් කිහිපයක් හොංකොං ගම්මානයක නිවසක තිබී සොයා ගත් බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රශ්න කිරීම සඳහා මේ වනවිටත් රඳවාගෙන සිටින අතර, චෝයිගේ ඉතිරි ශරීර කොටස් සෙවීමට හොංකොං පොලිසිය අඛණ්ඩව පරීක්ෂණ සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හොංකොං පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

චෝයි මෑතකදී ජනප්‍රිය සඟරාවක් වන L’Officiel Monaco හි ඩිජිටල් කවරයේ නිරූපිකාව ලෙස ද පෙනී සිටි අතර, ඇය සමාජ මාධ්‍ය බලපෑම් කරන්නියක ලෙස ද ප්‍රසිද්ධියට පත් තැනැත්තියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?