හොංකොං ජාතික නිරූපිකාවගේ ඝාතනයට හිටපු සැමියා අත්අඩංගුවට

ඇබී චෝයි නැමැති හොංකොං ජාතික නිරූපිකාවකගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ හිටපු සැමියා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සැකකාර හිටපු සැමියා ඊයේ දිනයේ දී බෝට්ටුවක් මඟින් නගරයෙන් පිටවීමට උත්සාහ කිරීමේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ දෙමව්පියන් සහ වැඩිමහල් සහෝදරයා ද මෙම නිරූපිකාවගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

28 හැවිරිදි චෝයි පසුගිය බදාදා අතුරුදහන් වූ බවට තොරතුරු වාර්තා වූ අතර, පෙරේදා (සිකුරාදා) ඇයගේ සිරුරු කොටස් කිහිපයක් හොංකොං ගම්මානයක නිවසක තිබී සොයා ගත් බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රශ්න කිරීම සඳහා මේ වනවිටත් රඳවාගෙන සිටින අතර, චෝයිගේ ඉතිරි ශරීර කොටස් සෙවීමට හොංකොං පොලිසිය අඛණ්ඩව පරීක්ෂණ සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හොංකොං පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

චෝයි මෑතකදී ජනප්‍රිය සඟරාවක් වන L’Officiel Monaco හි ඩිජිටල් කවරයේ නිරූපිකාව ලෙස ද පෙනී සිටි අතර, ඇය සමාජ මාධ්‍ය බලපෑම් කරන්නියක ලෙස ද ප්‍රසිද්ධියට පත් තැනැත්තියක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55