හේෂාට මැතිසබයේ තනතුරක්

අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අංකුඹුර ආරච්චි පත්ව තිබෙනවා.

එම කාරක සභාවේ මංගල රැස්වීම අද (06) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේ දී කාරක සභාවේ සභාපතිවරයා ලෙස හේෂා විතානගේ මන්ත්‍රීවරයාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී වී.එස්. රාධක්‍රිෂ්ණන් විසින් යොජනා කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ විසින් එම යෝජනාව ස්ථිර කරනු ලැබූ අතර, මෙම රැස්වීම සඳහා කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.