spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙරොයින් ළග තබාගෙන සිටි පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් ග්‍රෑම් 220 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණයේ පූර්වගාමී වනතුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා විසිනුයි අද මෙම තීන්දුව ලබා දුන්නේ.

2013 වසරේ පෙබරවාරි මස 8 වනදා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු බවට සැක කෙරෙන ද්‍රව්‍ය කිලෝවකට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටියදී මෙම විත්තිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව අදාළ මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂාවට ලක් කළ අතර ඒ තුළ හෙරොයින් ශුද්ධ බර ග්‍රෑම් 220ක් තිබූ බවයි රස පරීක්ෂකවරයා විසින් අධිකරණයට වාර්තා කළේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී තිබෙන බවයි.

ඒ අනුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?