හෙට සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩි වීමක් හෙට (27) දිනයේ සිට ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයිනේ සෙසු පළාත්වලට පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.