හෙට දිනයේ සිට මහ වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් අද (17) පස්වරුවේ නිකුත් කර තිබෙනවා.

ඊසාන දින මෝසම සක්‍රීය වීම හේතුවෙන් හෙට (18) දිනයේ සිට උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්