spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට උණුසුම වැඩිවෙයි

හෙට (01) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිනිස් සිරුරට දැනෙන අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

මේ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව ‘ඇම්බර්’ වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, දකුණ, වයඹ උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල මෙම අධික උණුසුම් තත්ත්වය ඇතිවිය හැකි බවයි.

මීට අමතරව රත්නපුර, මොණරාගල, මන්නාරම, වව්නියාව, සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා ද මෙම අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ අනුව එම ප්‍රදේශවල ජනතාව පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබෙනවා.

01 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?