spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිරුණිකාට සහ ආදර්ශාට එරෙහිව ආශුගෙන් දැඩි තීරණයක්

සුනඛයෙක්ට ලිංගික හිරිහැර සිදු කළ බවට සිදු කළ චෝදනාව සම්බන්ධයෙන් රුපියල් බිලියන 15ක වන්දියක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා පේමචන්ද්‍ර සහ ආදර්ශා කරඳනට එන්තරවාසි යොමුකර තිබෙනවා.

අදාළ එන්තරවාසියෙන් මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ආදර්ශා කරඳන මාධ්‍ය හමුවක් පවත්වමින් සිදු කළ චෝදනා අසත්‍ය බවයි.

ආශු මාරසිංහ සමග වෛවාහක ජීවිතයක් ගත කළ බව පැවසූ ආදර්ශා කරඳන පසුගිය 23 වනදා මාධ්‍ය හමුවේදී ඡායාරූප පෙන්වමින් කියාසිටියේ ආශු මාරසිංහ තමාගේ සුරතල් සුනඛයා අපයෝජනය කළ බවයි.

සංස්කරණය කරන ලද වීඩියෝවක් පළ කිරීම සහ එම වීඩියෝව පිළිබඳ වැරදි අර්ථ නිරූපණයක් ලබාදීමෙන් තමාට අපහාසයක් සිදු වූ බව ආශූ මාරසිංහ අදාළ එන්තරවාසියෙන් පෙන්වාදී තිබෙනවා.

අදාළ මාධ්‍ය සාකච්ඡාව මගින් ජනතාව නොමග යැවීමට සහ අයුතු ආකාරයෙන් මහජන මතයක් තමාට එරෙහිව ගොඩනගමින් කීර්තිනාමයට හානි කළ බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

මේ සම්බන්ධයෙන් තමාට සිදුවූ අපහාසයට අදාළව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර රුපියල් මිලියන 500ක් සහ ආදර්ශා කරඳ රුපියල් බිලියනයක් වශයෙන් වන්දි ගෙවිය යුතු බවට එන්තරවාසියේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?