හිරුණිකාට සහ ආදර්ශාට එරෙහිව ආශුගෙන් දැඩි තීරණයක්

සුනඛයෙක්ට ලිංගික හිරිහැර සිදු කළ බවට සිදු කළ චෝදනාව සම්බන්ධයෙන් රුපියල් බිලියන 15ක වන්දියක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා පේමචන්ද්‍ර සහ ආදර්ශා කරඳනට එන්තරවාසි යොමුකර තිබෙනවා.

අදාළ එන්තරවාසියෙන් මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ආදර්ශා කරඳන මාධ්‍ය හමුවක් පවත්වමින් සිදු කළ චෝදනා අසත්‍ය බවයි.

ආශු මාරසිංහ සමග වෛවාහක ජීවිතයක් ගත කළ බව පැවසූ ආදර්ශා කරඳන පසුගිය 23 වනදා මාධ්‍ය හමුවේදී ඡායාරූප පෙන්වමින් කියාසිටියේ ආශු මාරසිංහ තමාගේ සුරතල් සුනඛයා අපයෝජනය කළ බවයි.

සංස්කරණය කරන ලද වීඩියෝවක් පළ කිරීම සහ එම වීඩියෝව පිළිබඳ වැරදි අර්ථ නිරූපණයක් ලබාදීමෙන් තමාට අපහාසයක් සිදු වූ බව ආශූ මාරසිංහ අදාළ එන්තරවාසියෙන් පෙන්වාදී තිබෙනවා.

අදාළ මාධ්‍ය සාකච්ඡාව මගින් ජනතාව නොමග යැවීමට සහ අයුතු ආකාරයෙන් මහජන මතයක් තමාට එරෙහිව ගොඩනගමින් කීර්තිනාමයට හානි කළ බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

මේ සම්බන්ධයෙන් තමාට සිදුවූ අපහාසයට අදාළව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර රුපියල් මිලියන 500ක් සහ ආදර්ශා කරඳ රුපියල් බිලියනයක් වශයෙන් වන්දි ගෙවිය යුතු බවට එන්තරවාසියේ දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56