spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිනිදුම වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

පෙට්‍රල් අඩංගු වීදුරු බෝතල්වලින් සකස් කරන ලද බෝම්බ තුනකින් හිනිදුම, තලන්ගල්ල ප්‍රදේශයේ සිල්ලර වෙළද සැලකට අද (03) උදැසන ප්‍රහාරයක් එල්ලකර ඇතැයි පොලිසිය පවසයි.

වෙළදසැලේ භාණ්ඩවලට හානි වි ඇති බව පොලිසිය පවසන අතර දිගු කලක සිට පවතින පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පහර දිම සිදුව ඇති බව අනාවරණය වි තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැති අතර වෙළද සැල් හිමිකරුගේ නවතා තිබු මෝටර් රථයේ දොරකට සහ වෙළඳසැලේ රාක්කවල ගබඩාකර ඇති බිස්කට් පැකට් වලට සුළු අලාභහානි සිදුව ඇති බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වි තිබෙනවා.

සැකකරු දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බැවින් හිනිදුම පොලිසිය ඔහු සොයා විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?