spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිතට දැනුන ආදර කතාවක්

අද පෙබරවාරි 14 ආදරවන්තියන්ගේ දිනය ආදරණීය හිත් තවත් ආදරයෙන් පුරවාලන ආදරවන්තයින්ගේ දිනයට අපට හමු වුනේ අපුරු ආදරවන්තයන් දෙපලක්..

හදවතේ උපන් නිර්මල ආදරය කිසිදු ලාබාපේක්ෂාවකින් තොරව පුද කරන්නට පුලුවන් නම් මෙවර ආදරවන්තයින්ගේ දිනයට නව අරුතක් ගෙන දෙන්නට ඔබට හැකි වනු නොඅනුමානයි.සාලිය අශෝකමාලා, සාජහන් මුම්ටාස්, බොහෝ කැප කිරීම් මැද කළ ආදරය ජයගත් ලොව මවිත කළ ප්‍රේමනීය යුවළ ලෙසින් ඉතිහාසයට එක්වී අවසන්.එවන් වූ තවත් ආදරණීය යුවළක් අපිට වේයන්ගොඩ දඩගමුව ප්‍රදේශයෙන් හමුවුණා.48 වැනි වියේ පසුවන තුවාන් මොහොමඩ්ට අනෙක් මිනිසුන්ට මෙන් කැඩපතකින් බලා තමන්ගේ සුන්දරත්වය විඳින්නට වරම් නැහැ.ඒ ඉතා දුර්ලභ චර්ම රෝගයකින් සහ ආබාධිත තත්ත්වයකින් ඔහුගේ මුළු ජීවිතයම වෙලාගෙන සිටීම හේතුවෙන්.

ජීවිතයේ බොහෝ දේ අහිමි වුවත් තුවාන්ට ජීවිතය අලුතින් දකින්නට, ජීවිතය විඳින්නට ආදරණීය හිතක් ළඟ නතර වෙන්න පුලුවන් වෙලා තිබෙනවා.වත්මන් සමාජයේ ආදරය කියන අකුරු 4, පිටතින් පෙනෙන රුව, මිල මුදල් මත පදනම් වුවත් මේ ආදරයට එවැනි සීමා මායිම් කිසිවක් නැත්තේ හදවතේ උපන් නිකැලැල් සෙහෙනස නිසාමයි.තමන්ගේ ජීවිතයට නව අරුතක් දුන් ඇය නසීරා.

තමන්ගේ රෝගී තත්ත්වය හමුවේ එකකුස උපන් සහෝදර සහෝදරින් පවා තුවාන්ව ප්‍රතික්ෂේප කළත් නසීරාගේ ආදරය ඒ හැම වේදනාවක්ම දර ගන්නට තුවාන්ට ශක්තියක් වෙලා තිබෙනවා.තුවාන්ගේ රුව දැකීමෙන් බොහෝ දෙනා තුළ බිය ජනක හැඟීමක් ඇති වුවත් නසීරා මනසින් හැම විටම දකින්නේ තුවාන්ගේ ආදරණීය හිතයි.

නිර්මල ආදරයට බාහිරින් පෙනෙනෙ බොහො දේ බාධාවක නොවන බවට කදිම උදාහරණයක් තුවාන් නසීරා ආදර අන්දරයෙන් ලොවට කියා පානවා. බාහිරින් පෙනෙන රුව පරයා යමින් හදවතේ සුන්දරත්වය දකින්නට පුලුවන් සමාජයක් බිහි කරන්නට තුවාන් නසීරාගේ නිමක් නොමැති මේ ආදරය අදට යෙදෙන ආදරවන්තයින්ගේ දිනයට එක් කරන්නේ මහගු ආදර්ශයක්.ඒ හැගිම මේ කතාව බැලු ඔබට ඇසට කදුලක් ඉනුවා නොවනුමානය..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?