කාන්තා පහස සල්ලි කළ හිටපු හමුදා සෙබළා වවුනියාවේදී අල්ලයි

වවුනියාව, තේක්කවත්ත ප්‍රදේශයේ ලැඟුම්හලක් තුළ පවත්වාගෙන ගිය ගණිකා ජාවාරමක් වටලා හිටපු යුද හමුදා විශේෂ කාර්ය බළකා සෙබළෙකු ඇතුළු සිව්දෙනෙකු වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැඟුම්හල තුළ ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදුකර ඇති අතර එහිදී ලැඟුම්හලේ කළමනාකරු, ගණිකා වෘතියේ නිරත කාන්තාවන් දෙදෙනෙක් සහ හිටපු හමුදා සෙබළා මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

එම වැටලීමේ දී ලැඟුම්හල තුළ තිබී ටී- 56 ගිනිඅවි සඳහා භාවිත කරන පතරොම් 30ක් සහ යුද හමුදා නිල ඇඳුමකට සමාන නිලඇඳුමක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

ලැඟුම්හලේ කළමනාකරු සහ යුද හමුදා සෙබළා කාන්තාවන් ගණිකා වෘතියේ යොදවා කලක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ලැඟුම්හලේ සිට හදිසි පිටවීම් සඳහා එහි කාමර තුළ රහස් පිටවීම් දොරටු කිහිපයක් ද සකසා තිබිය දී සිදුකළ පරික්ෂා කිරීම්වලදී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ සැකකාරියන් දෙදෙනා වවුනියාව, මාමඩුව, ඇටවීරගොල්ලෑව සහ අනුරාධපුරය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06