හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණියට අධිකරණ නියෝගයක්

තම පියාට සහ සහෝදරයාට එරෙහි ව්‍යාපාර වංචා නඩුවකට සාක්ෂි දීමට ඉවන්කා ට්‍රම්ප්ට සිදුවනු ඇතැයි නිව්යෝර්ක් නුවර අධිකරණ විනිසුරුවරියක් නියෝග කර තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ සමාගමට එරෙහි ඩොලර් මිලියන 250ක සිවිල් නඩු විභාගය අධීක්‍ෂණය කළ විනිසුරුවරයා මෙම නඩුවේ සාක්ෂි දෙන ලෙසටයි හිටපු ජනාධිපතිගේ දියණිය ඉවන්කා ට්‍රම්ප්ට නියෝග කර ඇත්තේ.

ධවල මන්දිරයේ හිටපු නිලධාරිනියක් වන ඉවන්කා ට්‍රම්ප්ට තවමත් ඔවුන්ගේ නඩුවට වැදගත් තොරතුරු ඇති බව නීතිපති කාර්යාලය ප්‍රකාශ කර තිබෙනවා.

ඇය නගරයෙන් පිටතට ගොස් ට්‍රම්ප් සංවිධානයෙන් ඉවත් වූ බවට ප්‍රකාශ කරමින් නඩුවෙන් ඉවත් වීමට උත්සහ කරන බවට ද චෝදනා එල්ලවී තිබෙනවා.

එහෙත් විනිසුරු ආතර් එන්ගොරොන් පැවසුවේ ඇය තවමත් නිව්යෝර්ක් හි ට්‍රම්ප් ව්‍යාපාර සහ දේපළ වෙළඳාම් සමඟ සබඳතා පවත්වන බවයි.

වාසිදායක ණය ලබා ගැනීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ දේපළවල වටිනාකම වැඩි කළ බව අධිකරණය දැනටමත් තීන්දු කර තිබෙනවා.

ව්‍යාපාර වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම, රක්ෂණ වංචා සහ කුමන්ත්‍රණ ඇතුළුව තවත් හිමිකම් හයක් පිළිබඳව නඩු විභාගය අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් විත්තිකරුවන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02