spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණියට අධිකරණ නියෝගයක්

තම පියාට සහ සහෝදරයාට එරෙහි ව්‍යාපාර වංචා නඩුවකට සාක්ෂි දීමට ඉවන්කා ට්‍රම්ප්ට සිදුවනු ඇතැයි නිව්යෝර්ක් නුවර අධිකරණ විනිසුරුවරියක් නියෝග කර තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ සමාගමට එරෙහි ඩොලර් මිලියන 250ක සිවිල් නඩු විභාගය අධීක්‍ෂණය කළ විනිසුරුවරයා මෙම නඩුවේ සාක්ෂි දෙන ලෙසටයි හිටපු ජනාධිපතිගේ දියණිය ඉවන්කා ට්‍රම්ප්ට නියෝග කර ඇත්තේ.

ධවල මන්දිරයේ හිටපු නිලධාරිනියක් වන ඉවන්කා ට්‍රම්ප්ට තවමත් ඔවුන්ගේ නඩුවට වැදගත් තොරතුරු ඇති බව නීතිපති කාර්යාලය ප්‍රකාශ කර තිබෙනවා.

ඇය නගරයෙන් පිටතට ගොස් ට්‍රම්ප් සංවිධානයෙන් ඉවත් වූ බවට ප්‍රකාශ කරමින් නඩුවෙන් ඉවත් වීමට උත්සහ කරන බවට ද චෝදනා එල්ලවී තිබෙනවා.

එහෙත් විනිසුරු ආතර් එන්ගොරොන් පැවසුවේ ඇය තවමත් නිව්යෝර්ක් හි ට්‍රම්ප් ව්‍යාපාර සහ දේපළ වෙළඳාම් සමඟ සබඳතා පවත්වන බවයි.

වාසිදායක ණය ලබා ගැනීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ දේපළවල වටිනාකම වැඩි කළ බව අධිකරණය දැනටමත් තීන්දු කර තිබෙනවා.

ව්‍යාපාර වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම, රක්ෂණ වංචා සහ කුමන්ත්‍රණ ඇතුළුව තවත් හිමිකම් හයක් පිළිබඳව නඩු විභාගය අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් විත්තිකරුවන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?