හිටපු ඇමති රාජිත අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් නඩුවකට අදාළව සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

අද (27) දිනයේ අත්අඩංගුවට ගැනුණු ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු උප සභාපති උපාලි ලියනගේ; කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ මේ බව සඳහන් කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකාර උප සභාපති උපාලි ලියනගේ රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියම කාලා අතර ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම නඩුකරයට අදාළව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබේදැයි විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමිනුයි අදාළ නිලධාරීන්. එවක විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මෙහි සැකකරුවකු ලෙස නම්කර අත්අඩංගුවට ගැනීමට නියමිත බව පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51