spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු අගමැති මහින්ද සම්බන්ධන් හමුවෙයි

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ගේ නිවසට ගොස් ඔහුගේ සුවදුක් විමසා තිබෙනවා.

මෙම සංචාරයේදී සම්බන්ධන් මහතා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු සහ දෙමළ ජාතික ප්‍රශ්නය පිළිබඳව මතු කළ අතර රජය හැකි ඉක්මනින් උතුරු නැඟෙනහිර ප්‍රශ්නයට විසඳුම් ලබාදිය යුතු බවටයි ප්‍රකාශ කර ඇත්තේ.

උතුරු නැගෙනහිර ගැටළු ජනාධිපතිවරයා සහ රජය සමඟ සාකච්ඡා කර සාමකාමී විසඳුමකට එළඹීමට බලාපොරොත්තු වන බව හිටපු අගමැති රාජපක්ෂ සම්බන්ධන්ට සහතික වී තිබෙනවා.

දෙමළ පක්‍ෂවල ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ළඟදීම පැවැත්වෙන තෙදින සර්ව පාක්‍ෂික සමුළුවට තම පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගී වන බවත් ඉන් අනතුරුව එහි යෝජනා ධනාත්මකව අධ්‍යයනය කරන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?