හැවියර් හට ආර්ජින්ටිනාවේ ජනපති පුටුව

ආර්ජන්ටිනාවේ නව ජනාධිපතිවරයා ලෙස අන්ත දක්ෂිණාංෂික අපේක්ෂක හැවියර් මිලෙයි තේරී පත් වුණා.

ඒ, ඊයේ පැවති ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව 56%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින්.

ඔහුගේ ප්‍රතිවාදියා වූ සර්හියෝ මාසාට හිමි වුණේ 44%ක ඡන්ද ප්‍රතිශතයක්.

ආර්ජන්ටිනාව මෙම ජනාධිපතිවරණය පවත්වන්නේ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවකයි.

මිලෙයිගේ ජනාධිපතිවරණ පොරොන්දු අතර එරට මහ බැංකු වසා දැමීම වැනි රැඩිකල් තීන්දු තිබීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්