හෂීම් අම්ලා ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

දකුණු අප්‍රිකාවෙන් බිහි වූ විශිෂ්ඨතම පිතිකරුවෙකු වන හෂීම් අම්ලා සියලු ආකාරයේ ක්‍රිකට් වලින් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබෙනවා.

2019 වසරේ ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියෙන් පසු ඔහු ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදුන් අතර, එම වසරේ ම ජුනි මාසයේ ශ්‍රී ලංකාව සමඟ පැවති එක්දින තරගාවලියෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියට සමු දුන්නා.

කෙසේ වෙතත් ඔහු දේශීය සහ විදේශීය ප්‍රිමියර් ලීගයන් සහ ප්‍රාන්ත තරග ක්‍රීඩා කිරීමට කටයුතු කළ අතර, මේ වනවිය අම්ලා නිවේදනය කර ඇත්තේ එම සියලුම තරග ආකෘතිවලින් විශ්‍රාම ගන්නා බවයි.

39 හැවිරිදි වියේ පසුවන අම්ලා සිය දශක දෙකක වෘත්තීය ක්‍රිකට් ජීවිතය තුළ ටෙස්ට් තරග 124 කදී ලකුණු 9282ක්, එක්දින තරඟ 181 කදී ශතක 27 ක් සහ විස්සයි20 තරඟ 44 කදී ලකුණු 1,277 ක් රැස්කරගෙන සිටිනවා.

2012 වර්ෂයේ දී Kia Oval හිදී එංගලන්තයට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 311 ඔහුගේ ටෙස්ට් දිවියේ හොඳම ඉනිම ලෙස සටහන් ව ඇති අතර, එය දකුණු අප්‍රිකානු පිතිකරුවෙකු රැස්කළ පළමු ටෙස්ට් ත්‍රිත්ව ශතකය ද වීම විශේෂත්වයක්.

අම්ලා දැනට පැවැත්වෙන SA20 හි මුම්බායි කේප් ටවුන් හි පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරමින් දැනටමත් පුහුණුකරු වෘත්තිය ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව දකුණු අප්‍රිකානු නව පුහුණු ව්‍යුහය යටතේ ඔහු දකුණු අප්‍රිකාවේ පිතිකරණ පුහුණුකරු බවට පත්වීමේ සූදානමක සිටින බවයි දැනගන්න ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37