spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හවස වැස්සෙන් මාර්ගයක් නායයයි – ගසකුත් මහමගට පතබෑවෙයි

අද පස්වරුවේ දී ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග බලංගොඩ – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ පඹගොල්ල ප්‍රදේශයෙන් කොටසක් නාය ගොස් තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ; ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමග මෙම නාය යෑම සිදු ව ඇති බවයි.

මෙලෙස මාර්ගයෙන් කොටසක් ගැලවී යාමත් සමග එම ස්ථානයෙන් වාහන ධාවනය කිරීමේ දී අවදානම් තත්ත්වයක් ඇති ව තිබෙන බව මාර්ගය භාවිතා කරන රියැදුරන් පවසනවා.

එම ප්‍රදේශයට තවදුරටත් අධික වර්ෂාව ඇදහැලෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මේ අතර අද පස්වරුවේ ඇදහැලුණු වර්ෂාවෙන් නාකියාදෙණිය කටුපොල් වතුයාය ජලයෙන් යට වී තිබෙනවා.

මිනිත්තු 30ක පමණ කාලයක් වර්ෂාව ලැබුණ ද, එම වර්ෂාවෙන් මාර්ග යට වී පාසල් දරුවන් පීඩාවට පත් ව ඇති බවයි වාර්තාකරු පැවසුවේ.

මේ අතර අධික වර්ෂාවත් සමග ගසක් කඩා වැටී හොරණ – කළුතර ප්‍රධාන මාර්ගයේ දොඹගොඩ මංසන්ධිය අවහිර වී තිබෙනවා.

මේ වන විට අඟුරුවාතොට පොලිස් ස්ථානයේ රාජකාරි‍යේ යෙදී සිටින නිලධාරීන් සහ ගමේ පිරිස එක් වී ගස කපමින් වාහනවලට යාමට හැකි පරිදි සකස් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?