හවස වැස්සෙන් මාර්ගයක් නායයයි – ගසකුත් මහමගට පතබෑවෙයි

අද පස්වරුවේ දී ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග බලංගොඩ – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ පඹගොල්ල ප්‍රදේශයෙන් කොටසක් නාය ගොස් තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ; ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමග මෙම නාය යෑම සිදු ව ඇති බවයි.

මෙලෙස මාර්ගයෙන් කොටසක් ගැලවී යාමත් සමග එම ස්ථානයෙන් වාහන ධාවනය කිරීමේ දී අවදානම් තත්ත්වයක් ඇති ව තිබෙන බව මාර්ගය භාවිතා කරන රියැදුරන් පවසනවා.

එම ප්‍රදේශයට තවදුරටත් අධික වර්ෂාව ඇදහැලෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මේ අතර අද පස්වරුවේ ඇදහැලුණු වර්ෂාවෙන් නාකියාදෙණිය කටුපොල් වතුයාය ජලයෙන් යට වී තිබෙනවා.

මිනිත්තු 30ක පමණ කාලයක් වර්ෂාව ලැබුණ ද, එම වර්ෂාවෙන් මාර්ග යට වී පාසල් දරුවන් පීඩාවට පත් ව ඇති බවයි වාර්තාකරු පැවසුවේ.

මේ අතර අධික වර්ෂාවත් සමග ගසක් කඩා වැටී හොරණ – කළුතර ප්‍රධාන මාර්ගයේ දොඹගොඩ මංසන්ධිය අවහිර වී තිබෙනවා.

මේ වන විට අඟුරුවාතොට පොලිස් ස්ථානයේ රාජකාරි‍යේ යෙදී සිටින නිලධාරීන් සහ ගමේ පිරිස එක් වී ගස කපමින් වාහනවලට යාමට හැකි පරිදි සකස් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:36
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
02:08:14
Video thumbnail
දයාසිරිට යකා නගියි - නයි අරින්නේ නැතුව ඉන්න..නයා ඇ#ගන්න ඕනිද ?
02:50
Video thumbnail
හ#ක් නිසා චාමරට යකා නගියි - බෝඩ් පුච්චන්න ඕනි වෙළෙඳ ඇමතිගේ.. අහිංසකයන්ගේ නෙවේ
09:13
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ඇතිවූ බිහිසුණු ගින්නේ නවතම තත්ත්වය - "ඇතුළේ හිටපු කට්ටිය මම ඇදගෙන ආවා"
02:26
Video thumbnail
අම්මටහුඩු අර බලපන් අරහේ ඔක්කොම කඩාගෙන වැටෙනවා ? හෝමාගම ගින්නේ නවතම දර්ශන
02:26
Video thumbnail
විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක් - O/L විභාග අපේක්ෂකයින් අයදුම් කරන්න ID එක අවශ්‍ය නෑ
03:06
Video thumbnail
හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්තශාලාවක විශාල ගින්නක් - මෙන්න නවතම දර්ශන
00:43
Video thumbnail
විජේවීරගෙ ඝා#නය නිසා දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම්වෙයි - ඔයාලා තමයි ඝා#කයෝ..ඒකනේ කියන්නේ ඔය
05:50
Video thumbnail
උදෙන්ම අජිත් - හර්ෂණ කුපිතවී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ත්‍ර#ස්තවාදීන් නිදහස් කරනවද ?
05:51