හරිත කෘෂිකර්ම රජයේ ප්‍රතිපත්ති සමග නොසැලිව ඉන්නවා : මහින්දානන්ද

කුමන අභියෝග පැමිණියද හරිත කෘෂිකර්ම රජයේ ප්‍රතිපත්ති සමග නොසැලි කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා අවධාරණය කරනවා.

එම නිසා හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය රජයෙන් ගනු ලැබූ ඉතා හොඳ තීරණයක් බැවින් රජයත්, ජනාධිපතිවරයාත් සමග එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැපවන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සදහන් කළේ. මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම අදහස් පළකලේ කෘෂිකර්ම අමාත්‍යාංශයට පත්වූ නව ලේකම්වරයා හා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග අද පැවැති සාකච්ඡාවකදීයි.

තමන් මීට පෙර අමාත්‍යාංශ කිහිපයක අමාත්‍ය ධුර හොබවා ඇතත් කෘෂිකර්ම අමාත්‍යාංශය එම සෑම අමාත්‍යංශයකටම වඩා මාෆියාවන් ක්‍රියාත්මක වන තැනක් බවද අමාත්‍යවරයා සිහිපත් කරනවා.

ඒ අතරින් පොහොර, වී වැනි ක්ෂේත්‍ර ප්‍රධාන තැනක් ගන්නා බව ද සදහන්. මේ අතර 2024 වනවිට මිරිස් ආනයනය සියයට සියයක්ම අත්හිටුවීමටද අල හා ලූණු ආනයනය 35% දක්වා සීමා කිරීමට අදහස වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

පසුගිය පාලන සමයේ විනාශකර දමා තිබු ජනවසම ඇතුළු ආයතන හතරක් මේ වන විට ලාබ ලබන තත්ත්වයට පත්කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී අනාවරණය කළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22