spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හර්තාලය මැද ධාවනය වූ ලංගම බසයට මුලතිව් වලදී ගල් ප්‍රහාරයක්

උතුරු පළාත පුරා හර්තාලය ක්‍රියාත්මකවූ අද (25) දිනයේ පොදු ප්‍රවාහන සේවා ඇන හිට තිබු නමුත් ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ බොහොමයක් උතුරු පළාත පුරා සාමාන්‍ය පරිදි ධාවනය සිදු කෙරුණා.

කෙසේ වෙතත් අද (25) අලුයම මුලතිව් සිට යාපනය බලා ධාවනයවූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට සෙල්වපුරම් ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම ගල් ප්‍රහාරයෙන් බස් රථයේ ඉදිරිපස වීදුරුවට හානි සිදුව ඇති අතර බස් රථයේ රියදුරටද තුවාල සිදුව තිබෙනවා.

අදාළ ගල් ප්‍රහාරය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා හා කොන්දොස්තරවරයා මුලතිවු පොලිසියට පැමිණිලි කොට ඇති අතර එම මාර්ගයේ ධාවනය වූ ලංගම බස් රථ සදහා පොලිස් ආරක්ෂාව ලබා දීමට මුලතිව් පොලිසිය කටයුතු කොට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?