හර්තාලය මැද ධාවනය වූ ලංගම බසයට මුලතිව් වලදී ගල් ප්‍රහාරයක්

උතුරු පළාත පුරා හර්තාලය ක්‍රියාත්මකවූ අද (25) දිනයේ පොදු ප්‍රවාහන සේවා ඇන හිට තිබු නමුත් ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ බොහොමයක් උතුරු පළාත පුරා සාමාන්‍ය පරිදි ධාවනය සිදු කෙරුණා.

කෙසේ වෙතත් අද (25) අලුයම මුලතිව් සිට යාපනය බලා ධාවනයවූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට සෙල්වපුරම් ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම ගල් ප්‍රහාරයෙන් බස් රථයේ ඉදිරිපස වීදුරුවට හානි සිදුව ඇති අතර බස් රථයේ රියදුරටද තුවාල සිදුව තිබෙනවා.

අදාළ ගල් ප්‍රහාරය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා හා කොන්දොස්තරවරයා මුලතිවු පොලිසියට පැමිණිලි කොට ඇති අතර එම මාර්ගයේ ධාවනය වූ ලංගම බස් රථ සදහා පොලිස් ආරක්ෂාව ලබා දීමට මුලතිව් පොලිසිය කටයුතු කොට තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14