හරක් කටා සම්බන්ධ අධිකරණ නියෝගය දීර්ඝ කෙරේ

අත්අඩංගුවේ පසුවන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නැමැත්තා දැනට රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යන්නේ නම් ඒ සඳහා අධිකරණය දැනුවත් කර අවසර ලබාගත යුතු බව දන්වා නිකුත් කර තිබෙන අතුරු නියෝගය මාර්තු මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (30) නියෝග කළා.

‘හරක් කටා’ නමැත්තාගේ පියා වන නෙල්සන් වික්‍රමරත්න විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද යළි කැඳවීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා පෙබරවාරි මස 22 වනදාට පෙර ගොනුකරන ලෙසත් අධිකරණය විසින් වග උත්තරකරුවන්ට නියෝග කරනු ලැබුවා.

මෙම පෙත්සම ඉකුත්දා සලකා බැලීමෙන් අනතුරුව නියෝගයක් නිකුත් කළ අභියාචනාධිකරණය ‘හරක් කටා’ නැමැත්තා දැනට රඳවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේ නම් ඒ සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ අභියාචනාධිකරණයෙන් අවසර ලබාගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා.

දැනට අත්අඩංගුවේ පසුවන සිය පුත්‍රයාට පනවා තිබෙන රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ‘හරක් කටා’ නමැත්තාගේ පියා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14