spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හරක් කටා සමග සබඳතා පැවැත්වූ 8ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන සැකකරුවන් 8 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබාදී තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශය විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ.

වැලිගම සහ අතුරුගිරිය ප්‍රදේශවලදී ඊයේ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර අද උදෑසන තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන හරක් කටා නම් සැකකරු රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කෙරෙමින් පවතින අතර එහිදී හෙළිවූ තොරතුරු මතයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අවුරුදු 24 සහ 43 අතර වයස්වල පසුවන මෙම පිරිස වැලිගම දික්වැල්ල සහ අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?