හරක් කටා ගේ පෙත්සමක නියෝගයට දින දෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාගෙන් රැදවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව ලබන 15 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද ප්‍රකාශ කර තිබෙනවා.

තමන්ව රදවාගෙන සිටින රැඳවුම් නියෝග අභියෝගයට ලක්කරමින් හරක් කටා නැමැත්තා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

පෙත්සම සළකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා ඊට එරෙහිව මූලික විරෝධතා මතු කළා.

පෙත්සම්කරුට එරෙහිව මිනීමැරීම, මිනීමැරීමට තැත් කිරීම, ඇතුළු මත්ද්‍රව්‍ය චෝදනාවලට සම්බන්ධ නඩු 23ක් පමණ අධිකරණ වල පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.

එම කරුණු පෙත්සම තුළින් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු ක්‍රියාකර නොමැති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඒ අනුව ඔහු පිරිසිදු දෑතින් අධිකරණය හමුවට පැමිණ නොමැති බවයි කියා සිටියේ.

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14