spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හරක් කටාට CID කැන්ටිමෙන් සවසට කෑම ගන්න අවසර

ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නම් සැකකරුට ඔහු රඳවා සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටි ආපන ශාලාවෙන් සවස ආහාර ලබා ගැනීමට අවසර හිමිවී තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතායි අද මෙම නියෝගය ලබාදී ඇත්තේ.

මෝසමක් මාර්ගයෙන් මෙම නඩුව කැඳවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කළ ඉල්ලීම සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී තිබෙනවා.

හරක් කටා නම් සැකකරු මේවන විට දත් කැක්කුමකින් පීඩා විඳින බවටයි නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වාදී ඇත්තේ.

කරුණු සලකා බැලූ අධිකරණය අදාළ නියෝගය ලබාදී ඇති අතර මෙම නියෝගය වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට දැනුම් දෙන ලෙසට ද නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
6
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?