හරක් කටාට ආරක්ෂාව ඉල්ලූ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අප්‍රේල් 4 දක්වා කාලය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔහුගේ පියා විසින් ගොනු කර ඇති පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය අද නීතිපතිවරයාට කල් ලබා දුන්නා.

ඒ අනුව අදාළ සීමිත විරෝධතා අප්‍රේල් මස 4 වන දාට පෙර ගොනුකරන ලෙසත් අධිකරණය නීතිපතිවරයාට නියම කළා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැදවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?