හරක් කටාගේ පෙත්සම සලකා බැලීමට දින දෙයි

තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරිමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා නඳුන් චින්තක හෙවත් හරක් කටා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා ලබන 08 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

එම පෙත්සම අද සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේයි කැඳවනු ලැබුවේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ “හරක් කටා” නමැත්තාට එරෙහිව මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් විවිධ අධිකරණවල නඩු 22ක් පමණ පවතින බවයි.

මොහු විදේශගත වී තිබෙන්නේ වෙනත් පුද්ගලයෙකුගේ විදේශ ගමන් බලපත්‍රයක් මගින් යැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනට පවතින රැඳවුම් නියෝගය අහෝසි කර ඔහු මුදා හරිනු ලැබූවොත් යළිත් අධිකරණය මඟ හැර පලා යෑමේ හැකියාවක් පවතින බවත් අනතුරු අඟවා සිටියා.

දැනට ඔහු වෙනුවෙන් නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය ලබන 10 අවසන් වීමට නියමිත බවත් එය තවදුරටත් දීර්ඝ කිරීමේ හැකියාව පවතින බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා පැවසුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 08 වනදා කැඳවන ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14