spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හරක් කටාගේ පෙත්සම සලකා බැලීමට දින දෙයි

තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරිමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා නඳුන් චින්තක හෙවත් හරක් කටා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා ලබන 08 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

එම පෙත්සම අද සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේයි කැඳවනු ලැබුවේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ “හරක් කටා” නමැත්තාට එරෙහිව මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් විවිධ අධිකරණවල නඩු 22ක් පමණ පවතින බවයි.

මොහු විදේශගත වී තිබෙන්නේ වෙනත් පුද්ගලයෙකුගේ විදේශ ගමන් බලපත්‍රයක් මගින් යැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනට පවතින රැඳවුම් නියෝගය අහෝසි කර ඔහු මුදා හරිනු ලැබූවොත් යළිත් අධිකරණය මඟ හැර පලා යෑමේ හැකියාවක් පවතින බවත් අනතුරු අඟවා සිටියා.

දැනට ඔහු වෙනුවෙන් නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය ලබන 10 අවසන් වීමට නියමිත බවත් එය තවදුරටත් දීර්ඝ කිරීමේ හැකියාව පවතින බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා පැවසුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 08 වනදා කැඳවන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?