spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හරක් කටාගේ පෙත්සමක තීන්දුව ප්‍රකාශ කිරීමට දින නියම කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා ගේ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දුව ජූලි 24 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.

හරක් කටා සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ තම සේවාදායකයා රඳවා ගැනීම සඳහා ලබාගෙන තිබෙන රැඳවුම් නියෝගය මුළුමනින්ම නීතියට පටහැනි බවයි.

එබැවින් එය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා.

එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ෂනිල් කුලරත්න මහතා සඳහන් කළේ මෙම පෙත්සම සම්පූර්ණයෙන්ම උපකල්පනයන් මත පදනම්ව ගොනුකර තිබෙන බවයි.

පෙත්සම තුල කිසිදු නීතිමය වලංගුභාවයක් නොමැති හෙයින් එය නිෂ්ප්‍රභ කරන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?