සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

හික්කඩුව ප්‍රදේශයේ කොවිඩ් මර්දන එන්නත්කරණ මධ්‍යස්ථානයක පසුගියදා ඇතිවූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි පොලිස්පතිවරයා වෙත දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙන්නේ පසුගිය දිනවල විවිධ ප්‍රදේශවල එන්නත්කරණ මධ්‍යස්ථානවලින් වාර්තා වූ සිද්ධීන් පිළිබදව අවධානය යොමුකර ඇති බවයි.

ඒ පිළිබද තොරතුරු රැසක් ලැබී ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවළිය පිළිබද ජාත්‍යන්තරයේද ඉහළ පැසසුමට ලක්ව ඇති බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙනවා.

එවැනි තත්වයක් තුළ එන්නත්කරණ ක්‍රියාවළිය අප්‍රසාදයට ලක්කිරීමේ අරමුණකින් යම් දේශපාලන කණ්ඩායමක් ක්‍රියා කරන්නේදැයි සැක මතුවන බවයි අමාත්‍යවරයා නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46