සෞඛ්‍ය සේවක වර්ජනය හෙට මධ්‍යම පළාතේ

එකඟතාවන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් හෙට (13) දිනයේ මධ්‍යම පළාතේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබෙනවා.

ඒ, අනුව හෙට (13) උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා පැය 04ක කාලයක් සේවාවලින් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් මධ්‍යම පළාතේ රෝහල් සහ සියලු සෞඛ්‍ය ආයතනවල ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ.

වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට සමගාමීව එම වර්ජනය ක්‍රියාත්මක වන රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයන් ද ක්‍රියාත්මක කරන බවයි එම සන්ධානය පැවසුවේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් පැවසුවේ හෙට (13) දිනයේ ඇරඹෙන මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දිනෙන් දින විවිධ පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් දීමනාවට සමාන්තර දීමනාවක් ලෙස තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මීට පෙර අවස්ථා කිහිපයක දී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළා.

සිය ඉල්ලීම්වලට අදාළ එකඟතා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් හෙට (13) දිනයේ සිට යළිත් මෙලෙස වර්ජනයට අවතීර්ණ වීමට සිදු වූ බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51