Fly high Get bonus Aviator Phone

සෞඛ්‍ය සේවක වර්ජනය හෙට මධ්‍යම පළාතේ

එකඟතාවන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් හෙට (13) දිනයේ මධ්‍යම පළාතේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබෙනවා.

ඒ, අනුව හෙට (13) උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා පැය 04ක කාලයක් සේවාවලින් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් මධ්‍යම පළාතේ රෝහල් සහ සියලු සෞඛ්‍ය ආයතනවල ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ.

වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට සමගාමීව එම වර්ජනය ක්‍රියාත්මක වන රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයන් ද ක්‍රියාත්මක කරන බවයි එම සන්ධානය පැවසුවේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් පැවසුවේ හෙට (13) දිනයේ ඇරඹෙන මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දිනෙන් දින විවිධ පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් දීමනාවට සමාන්තර දීමනාවක් ලෙස තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මීට පෙර අවස්ථා කිහිපයක දී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළා.

සිය ඉල්ලීම්වලට අදාළ එකඟතා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් හෙට (13) දිනයේ සිට යළිත් මෙලෙස වර්ජනයට අවතීර්ණ වීමට සිදු වූ බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?