සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ඇතුලු පිරිස යළි රිමාන්ඩ් (වීඩියෝ)

ඉමියුනෝග්ලොබියුලින් වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 6 දෙනා ජනවාරි 10 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී යි මෙම නියෝගය ලබා දුන්නේ.

මේ අතර මිනිස් රුධිරයේ ප්ලාස්මාව යොදාගනිමින්, හෙපටයිටීස්, ඒ්ඩ්ස් ඇතුළු බරපතළ රෝගීන්ට ප්‍රතිදේහ එන්නතක් ලෙස ලබාදෙන ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය වංචනිකව නිපදවා මෙරට රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම වංචාවට අදාළව මේ වන විට අදාළ ඖෂධය ශ්‍රී ලංකාවේ නිපදවූ බව කියන අයිසියුලේස් බයෝටෙක් පාමා නැමති සමාගමේ හිමිකරු සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පස් දෙනෙකු අත්අඩංගුවේයි පසුවන්නේ.

ඖෂධ වංචාවේ මහමොළකරු හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු මගහැර පහළ නිලධාරීන් පමණක් අත්අඩංගුවට ගන්නා බවට සෞඛ්‍ය වෘත්තීය සමිති මෙන්ම දේශපාලන නියෝජිතයින් ද අවස්ථා ගණනාවක චෝදනා කළා.

ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ඊයේ කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ප්‍රකාශ සටහන් කර ගැනුණා. ඒ ඔහුගේ කොළඹ පිහිටි නිල නිවසේදීයි.

ඖෂධ මිලදීගැනීමේ ක්‍රියාවලියේ ප්‍රධාන වගකිවයුත්තා ලෙස කටයුතු කළ හිටපු සෞඛ්‍ය ඇමතිවරයාට හැර අනෙක් සියලු සැකකරුවන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනස්ව සැලකීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් විවේචන ද එල්ල කළා.

ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය ලබාදුන් රෝගීන්ට විවිධ සංකූලතා මතුවීම පිළිබඳ මාතලේ මහනුවර සහ කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල්වල වෛද්‍යවරුන්ගෙන් පැමිණිලි ඉදිරිපත්ව තිබුණේ මේ වසරේ අගෝස්තු මුල් සතියේදී.

ඒ් අනුව ඖෂධයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ඖෂධ තත්ත්ව පාලන ඒ්කකය කරන ලද පරීක්ෂණයේදී ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය තත්වයෙන් අසමත්ව තිබුණා.

එම වාර්තාව 2023- 08- 21දින නිකුත්ව තිබියදීත්, 2023-09 29 දින වනවිටත්, ප්‍රශ්නගත ඖෂධය රෝහල්වලින් ඉවත් කරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබුණේ නැහැ.

දැඩි තත්ත්ව පාලනයක් යටතේ නිපදවිය යුතු මෙම ඖෂධය, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ, ඉන්දියාවේ ලයිව් හෙල්ත් බයෝ පාමා නැමති ඉන්දියානු සමාගමේ නිපදවා, සීදූවේ පිහිටි අයිසියුලේස් බයෝ ටෙක් පුද්ගලික සමාගම විසින් දේශීය නියෝජිතයා ලෙස මෙරටට සපයන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේඛනවල සඳහන්.

එසේම ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා ද එවක ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර විසින් ලියාපදිංචිය අතහැරීමේ ලිපියක් හෙවත් WOR ලිපියක් නිකුත් කර තිබුණා.

මෙවැනි සංකීර්ණ ඖෂධයක් ලියාපදිංචි නැති සමාගමකින් ආනයනය කිරීම හා ඒ් ආශ්‍රීත ගැටලු වෘත්තිය සමිති සහ දේශපාලන නියෝජිතයින් විසින් අනාවරණය කර තිබෙනවා.

එම කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ මතුවූ දැඩි ආන්දෝලනයත් සමග පසුගිය ඔක්තෝබර් මාසයේදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදේශකයකු විසින් රහස් පොලිසියට පැමිණිලි කළේ ප්‍රශ්නගත ඖෂධය ඇනවුම් කිරීමට, ඖෂධයේ ලියාපදිංචිය අතහැරීමට මෙන්ම හා ඒ් ආශ්‍රිතව නිකුත් වී ඇති ලේඛන ව්‍යාජ ලේඛන බවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14