සොහොයුරෙකුගේ පහරදීමකින් හත් හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

ඥාති සොහොයුරෙකු සිදුකළ පහරදීමකින් හත් හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ කිලිනොච්චිය ප්‍රදේශයේදී. ඊයේ (28) යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම දරුවා මියගොස් තිබෙනවා.

පොලිස් පැවසුවේ ජීවිතක්ෂයට පත්වූ දරුවාගේ මව අදාල දරුවා සමඟ තවත් දරුවන් දෙදෙනෙක්, දරුවන්ගේ ලොකු තාත්තාගේ නිවසේ තබා මඩකලපුව වෙත ගොස් ඇති අවස්ථාවේ මෙම පහරදීම සිදුව ඇති බවයි. හත් හැවිරිදි දරුවා සහ ඥාති සහෝදරයෙකු නිවසින් පිටතට ගොස් ඇති අතර පසුව සිය ලොකු තාත්තාගේ නිවස ආසන්නයේ පිහිටි ඉදිකරමින් පවතින නිවසක් අසල වැටී සිටියදී දරුවා ප්‍රදේශවාසීන්ට හමුව තිබෙනවා.දරුවා පසුව රෝහල් කර තිබෙනවා.

දරුවා රෝහල්ගත කළ දිනයේ සිට දරුවාගේ ලොකු තාත්තාගේ පුතෙකු වන 17 හැවිරිදි තරුණයෙක් අතුරුදන්ව තිබෙනවා. දරුවාගේ මරණය සම්බන්ධයෙන් යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඇති අතර, එහිදී අනාවරණය වි ඇත්තේ මොට ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් සිදුවු අභ්‍යන්තර රුධිර වාහන තත්ත්‍වයක් මත මරණය සිදුව ඇති බවයි. කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38