spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සොහොයුරෙකුගේ පහරදීමකින් හත් හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

ඥාති සොහොයුරෙකු සිදුකළ පහරදීමකින් හත් හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ කිලිනොච්චිය ප්‍රදේශයේදී. ඊයේ (28) යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම දරුවා මියගොස් තිබෙනවා.

පොලිස් පැවසුවේ ජීවිතක්ෂයට පත්වූ දරුවාගේ මව අදාල දරුවා සමඟ තවත් දරුවන් දෙදෙනෙක්, දරුවන්ගේ ලොකු තාත්තාගේ නිවසේ තබා මඩකලපුව වෙත ගොස් ඇති අවස්ථාවේ මෙම පහරදීම සිදුව ඇති බවයි. හත් හැවිරිදි දරුවා සහ ඥාති සහෝදරයෙකු නිවසින් පිටතට ගොස් ඇති අතර පසුව සිය ලොකු තාත්තාගේ නිවස ආසන්නයේ පිහිටි ඉදිකරමින් පවතින නිවසක් අසල වැටී සිටියදී දරුවා ප්‍රදේශවාසීන්ට හමුව තිබෙනවා.දරුවා පසුව රෝහල් කර තිබෙනවා.

දරුවා රෝහල්ගත කළ දිනයේ සිට දරුවාගේ ලොකු තාත්තාගේ පුතෙකු වන 17 හැවිරිදි තරුණයෙක් අතුරුදන්ව තිබෙනවා. දරුවාගේ මරණය සම්බන්ධයෙන් යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඇති අතර, එහිදී අනාවරණය වි ඇත්තේ මොට ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් සිදුවු අභ්‍යන්තර රුධිර වාහන තත්ත්‍වයක් මත මරණය සිදුව ඇති බවයි. කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?