සොරකමේ ගිහින් තරුණ ජීවිතයක් දිය රකුසාට බිළි

පාදුක්ක, ලියන්වල ප්‍රදේශයේ දී දියේ ගිලීමෙන් පුද්ගලයෙකු අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ පාදුක්ක ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක්.

තරුණයින් තිදෙනෙක් හල්කඳවත්ත ප්‍රදේශයේ ඉඩමකින් කෙසෙල් කැනක් කපා සොරකම් කර පළායමින් සිටි එක් තරුණයෙක් මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි වාර්තා වුණේ.

කෙසෙල් කැනක් කපා පළායන අවස්ථාවේ දී ගම්වාසීන් මොවුන් තිදෙනා පසුපස හඹා යාමේ දී දෙදෙනෙක් හල්කඳවත්ත ප්‍රදේශය හරහා ගලා බසින පුස්ඇලි ඔයට පැන පිහිනා යාමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබීම හේතුවෙන් ඉන් එක් අයෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන් විසින් අනෙක් දෙදෙනා අල්ලා පොලීසියට භාරදී ඇති අතර, එහිදී ඔවුන් පවසා ඇත්තේ සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදීගැනීමට මෙම සොරකම සිදුකළ බවයි.

පොලිස් නාවික කොට්ඨාසය විසින් අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.