spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සෙල්ලිපි මගින් පාලකයන්ට භාරදී ඇති කටයුතු ගැන මිහින්තලේ නායක හිමි කියයි

වත්මන් රජයට එරෙහිව තමා කළ ප්‍රකාශ හේතුවෙන් තමන්ගෙන් පළිගැනීම වෙනුවට මිහින්තලා පුදබිමේ සංරක්ෂණ හා සංවර්ධන කටයුතුවලින් ආරක්ෂක භටයින් ඉවත් කිරීමට කටයුතු කළ බව මිහින්තලා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි පවසනවා.

වත්මන් නායකයින්ගේ මෙම ක්‍රියා කලාපය මගින් තමා වෙනුවට මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු බුද්ධ ශාසනයෙන් පලිගෙන ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

නායක හිමියන් මේ බව කියා සිටියේ සංරක්ෂණ කටයුතු අතරතුරදී යුද හමුදාව විසින් අතහැර ගිය සංරක්ෂණය හා සංවර්ධනය සිදුකරන ස්ථාන මෙන්ම මිහින්තලා පුදබිමේ අනෙකුත් ස්ථානද මිහින්තලා පුදබිමේ දායකයින් විසින් පිරිසිදු කරන ආකාරය සොයාබැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රට පාලනයට භාරකාරයෙකු මිස අයිතිකාරයෙකු පත් කර නොමැති අතර මිහින්තලා පුදබිම ආරක්ෂා කිරීමේ රජයේ වගකීම සෙල්ලිපි මගින් ද දක්වා ඇති බව උන්වහන්සේ ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?