සුරා සැලක් නිසා ගම්මාන 8ක ජනතාව පාරට

ගම්පොළ දොළුව ප්‍රධාන මාර්ගයේ ඓතිහාසික වටිනාකමින් යුත් මෙගොඩ කළුගමුව ගම්මානයේ විවෘත කරන ලද සුරාසැලට විරෝධය දක්වමින් විහාරස්ථාන 14ක නාහිමිවරු ඇතුළු ගම්මාන 8ක ජනතාව එම සුරාසැල ඉදිරිපිටදී අද දහවල් උද්ඝෝෂණයක නිරත වුණා.

මෙම සුරාසැල පසුගිය දෙවැනිදා විවෘත වී ඇති අතර ඊට විරෝධය දක්වමින් ජනතාව මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සතුරු ආක්‍රමණ යුගයේ දී ශ්‍රී දළදා වහන්සේ වැඩම කරන ලද බව කියැවෙන මෙම ගම්මානයේ පිහිටි තුන් බෝධි මළුවට මීටර් 50ක් පමණ ආසන්නව මෙම සුරා සැල ඉදිවී තිබෙනවා.

ඊට විරෝධය දක්වා දොළුව ප්‍රාදේශීය ලේකම් ඇතුළු සියලු දේශපාලන බලධාරීන් ද දැනුවත් කළ බවයි භික්ෂූන් වහන්සේලා කියාසිටියේ.

මෙම ඉල්ලීම් නොසලකා හරින්නේ නම් ලබන බදාදා (15) ජනතාව සමග ඓතිහාසික ගනේගොඩ ශ්‍රී කතරගම දේවාලයට ගොස් දෙවියන්ට මේ කන්නලව්ව පවසා ගම්මාන වනසන සියලු දෙනාට දේව උදහස කැඳවන බව ද මහා සංඝරත්නය ප්‍රකාශ කළා.

මහ සංඝරත්නය විසින් මෙහිදී වගකිව යුත්තන් හට අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වමින් සංඝ ආඥාවක් ද නිකුත් කළ බවයි අප වාර්තාකරු කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23