සුරා බදු නිලධාරීන්ට බාධා කළ පොලිසිය ගැන අධිකරණයෙන් නියෝගයක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ රාජකාරියක නිරතව සිටි සුරාබදු නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ උපදෙස් ලබාගෙන පියවර ගන්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා සුරාබදු දෙපාර්තමෙන්තුවට නියෝග කර තිබෙනවා.

සුරාබදු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන පොලිස් නිලධාරීන් 07දෙනෙකුගේ නම් ද සහිතව සුරාබදු දෙපාර්තමෙන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් සැළකිල්ලට ගනිමිනුයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදුන්නේ.

සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ සුරාබදු දෙපාර්තමෙන්තුව දැනුම් දුන්නේ බම්බලපිටිය පොලිස් බල ප්‍රදේශයේ හෝටලයක මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු වන බවට ලැබුණු තොරතුරකට අනුව නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීමක් සිදු කළ බවයි.

එම අවස්ථාවේදී ලැබුණු තොරතුරකට අනුව අපරාධයට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ද එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

‘වෙසල්’ වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක සිටි අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිස පළා යෑමට උත්සහ කළ අවස්ථාවේදී ඔවුන්ට වෙඩි තැබීමට සිදුවු බවත් වෙඩි තැබීම ද නොතකා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිස පළා ගිය බව ප්‍රකාශ කළ සුරාබදු දෙපාර්තමෙන්තුව සඳහන් කළේ පළා ගිය පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටියදී වාහනයකට වෙඩි තැබූ බව කියමින් පොලිසිය තම නිලධාරීන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ හේතූව නිසා පළා ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිස අඅත්අඩංගුවට ගැනීමට නොහැකි වූ අතර අදාළ පොලිස් නිලධාරීන් සුරාබදු දෙපාර්තමෙන්තු නිලධාරීන්ගේ රාජකාරියට බාධා ජරා ඇති බවයි කියාසිටියේ.

ඉදිරිපත් වු කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය ලබාදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14