සුමිත්‍රා පීරිස් මැතිණියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී

අභාවප්‍රාප්ත කෘතහස්ත සිනමාවේදීනී ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද (21) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කෙරුණා.

පසුගිය බ්‍රහස්පතින්දා අභාවප්‍රාප්ත වූ සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය තැන්පත් කර තිබුණේ කොළඹ 5 ප්‍රදේශයේ පිහිටි එතුමියගේ සොහොයුරියගේ නිවසේයි.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පසුගිය දින කිහිපය තුල කලාකරුවන් මෙන්ම දේශපාලනඥයන් රැසක් එක්ව සිටියා.

අද පැවති ආදාහය උත්සවය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුලු මැති ඇමතිවරුන් රැසක් ද එක්ව සිටියා.

නිවසේ තිබූ දේහය අද පස්වරුවේ විශේෂ රථ පෙරහරකින් ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන ඒමෙන් අනතුරුවයි නිදහස් චතුරස්‍රය දක්වා රැගෙන එනු ලැබුවේ.

ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අමිල දායකත්වයක් ලබාදුන් දෙස් විදෙස් සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂවරියක වූ ආචාර්ය සුමිත්‍රා පීරිස් මැතිණිය මෙරට පළමු කාන්තා චිත්‍රපට සංස්කාරකවරිය හා සහාය අධ්‍යක්ෂවරිය ද වුණා.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ “සංදේශය” චිත්‍රපටයේ සහාය සංස්කාරකවරිය ලෙස සිනමා කර්මාන්තයට එක්වූ එතුමිය සිනමා අධ්‍යක්ෂවරියක ලෙස මෙරට සිනමා ක්ෂේත්‍රය වෙනුවේන අද්විතීය මෙහෙවරක් සිදු කරනු ලැබුවා.

ආචාර්ය සුමිත්‍රා පීරිස් මැතිණියගේ පළමු අධ්‍යක්ෂණය වූ “ගැහැනු ළමයි” චිත්‍රපටය ඇතුලු ඇය අධ්‍යක්ෂණය කළ “ගඟ අද්දර”, “යහලු හෙයෙළි”, “සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා”, “ලොකු දුව” වැනි සිනමා කෘතීන් රැසක්ම සරසවිය ජනාධිපති, සිග්නීස්, චිචාරක ආදී සම්මාන උළෙල රැසකදී සම්මානයට පාත්‍ර වුණා.

එමෙන්ම ලන්ඩන් සිනමා උළෙල, ටෝකියෝ සිනමා උළෙල, මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙල ආදී විදෙස් සිනමා උළෙල රැසකදී ද වෙසෙස් ඇගයීමට ලක්වුණා.

ආචාර්ය සුමිත්‍රා පීරිස් මැතිණිය ප්‍රංශයේ තානාපති ධුරය ද හොබවනු ලැබුවා.

වඩාත් ප්‍රථුල හා සුමට මානවවාදී දර්ශනයක් ඔස්සේ ස්ත්‍රිත්වය ද මුල්කොට ගත් විශිෂ්ට සිනමාකරණයක නිරත වූ ආචාර්ය සුමිත්‍රා පීරිස් මැතිණිය ලාංකේය සිනමාවේ ප්‍රවර්ධනයට සිදු කළ මෙහෙය සදානුස්මරණීයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12