සුපිරි වෙළෙඳ මධ්‍යස්ථානයේ යකා නැටූ 6 දෙනා

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ වෙළඳ මධ්‍යස්ථානයක් තුළදී තරුණයන් දෙදෙනකුට පහර දී පොලිස් නිලධාරින් සහ එහි පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් සමග ගැටුම් ඇතිකරගත් හයදෙනකු අත්අඩංගුවට ගත් බව කොඤ්ඤවීදිය පොලිසිය සදහන් කරයි.ඒ ඇමැති පුතුන් සහ උසස් පොලිස් නිලධාරින්ගේ පුතුන් වශයෙන් ව්‍යාජ ලෙස පෙනී සිටිමින්.මේ හය දෙනා අතර කාන්තාවන් දෙදෙනකුද සිටින බවයි පොලිසිය පැවසුවේ.  මෙම පිරිස එහි මත්පැන් පානය කර තවත් තරුණ පිරිසක් සමග ගැටුම් ඇති කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඇමැතිවරුන්ගේ හෝ පොලිස් නිලධාරින්ගේ පුතුන් නොසිටි බවත් ඔවුන් ව්‍යාජ එලෙස පෙනී සිට ඇති බවද පොලිසිය කියයි.මෙම සෙසු පිරිස අතර විද්‍යුත් මාධ්‍ය ආයතනයක සේවය කරන මාධ්‍යවේදියකු හා ඔහුගේ බිරිඳ ද සිටි බව පොලිසිය කියයි.සැකකරුවන් පිරිස එහි සිටි තරුණයකුට අමානුෂික ලෙස පහර දී ඇති බවත්,

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයන් රෝහල් ගත කිරීමට එහි ආරක්ෂක අංශය වෙත ඉඩ ලබා දී නොමැති බවද පොලිසිය සඳහන් කරයි.  පසුව පොලිසියේ හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් අනුව කොම්පඤ්ඤවීදිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නාලක ගුණසේකර මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස්  තුවාලකරු රෝහල් ගත කිරීම සඳහා 1919 හදිසි ගිලන් රථ සේවය ගෙන්වා රෝහල් ගත කර ඇත.පහර කෑමට ලක් වූ තරුණයා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර වැඩිදුර පරික්ෂණ කොම්පඤ්ඤවීදිය පොලිසියේ අපරාධ විමර්ශන අංශ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19