spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුපිරි වෙළෙඳ මධ්‍යස්ථානයේ යකා නැටූ 6 දෙනා

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ වෙළඳ මධ්‍යස්ථානයක් තුළදී තරුණයන් දෙදෙනකුට පහර දී පොලිස් නිලධාරින් සහ එහි පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් සමග ගැටුම් ඇතිකරගත් හයදෙනකු අත්අඩංගුවට ගත් බව කොඤ්ඤවීදිය පොලිසිය සදහන් කරයි.ඒ ඇමැති පුතුන් සහ උසස් පොලිස් නිලධාරින්ගේ පුතුන් වශයෙන් ව්‍යාජ ලෙස පෙනී සිටිමින්.මේ හය දෙනා අතර කාන්තාවන් දෙදෙනකුද සිටින බවයි පොලිසිය පැවසුවේ.  මෙම පිරිස එහි මත්පැන් පානය කර තවත් තරුණ පිරිසක් සමග ගැටුම් ඇති කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඇමැතිවරුන්ගේ හෝ පොලිස් නිලධාරින්ගේ පුතුන් නොසිටි බවත් ඔවුන් ව්‍යාජ එලෙස පෙනී සිට ඇති බවද පොලිසිය කියයි.මෙම සෙසු පිරිස අතර විද්‍යුත් මාධ්‍ය ආයතනයක සේවය කරන මාධ්‍යවේදියකු හා ඔහුගේ බිරිඳ ද සිටි බව පොලිසිය කියයි.සැකකරුවන් පිරිස එහි සිටි තරුණයකුට අමානුෂික ලෙස පහර දී ඇති බවත්,

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයන් රෝහල් ගත කිරීමට එහි ආරක්ෂක අංශය වෙත ඉඩ ලබා දී නොමැති බවද පොලිසිය සඳහන් කරයි.  පසුව පොලිසියේ හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් අනුව කොම්පඤ්ඤවීදිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නාලක ගුණසේකර මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස්  තුවාලකරු රෝහල් ගත කිරීම සඳහා 1919 හදිසි ගිලන් රථ සේවය ගෙන්වා රෝහල් ගත කර ඇත.පහර කෑමට ලක් වූ තරුණයා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර වැඩිදුර පරික්ෂණ කොම්පඤ්ඤවීදිය පොලිසියේ අපරාධ විමර්ශන අංශ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?