සුනඛයෙකු සපා කෑමෙන් තුවාල ලැබූ 3ක් රෝහලට

විදේශිකයෙකුට අයත් සුනඛයෙකු සපාකෑම හේතුවෙන් අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයන් කලුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

බෙන්තොට ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිටින ප්‍රංශ ජාතිකයෙකුට අයත් සුනඛයෙක් අද දහවල් බැඳ තිබූ දම්වැල කඩාගෙන කලුවාමෝදර ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

එහිදීයි එම සුනඛයා විසින් පුද්ගලයන් තුන්දෙනෙකු සපා කා ඇත්තේ.

ග්‍රේට් ඩේන් වර්ගයේ මෙම සුනඛයා ගේ සුරතල් ආමන්ත්‍රණය ලකී බව සඳහන්.

පොලිසිය සඳහන් කළේ සුනඛයා සපා කෑමෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු ශල්‍යකර්මයකට ද භාජනය කර ඇති බවයි.

තුවාල ලැබූවන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා සියලු මූල්‍ය පහසුකම් සැලසීමට විදේශිකයා එකගවී ඇති අතර අලුත්ගම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
07:57:12
Video thumbnail
සාමය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ඉන්දීය ආරක්ෂක ඇමතිගෙන් උපහාර
02:33
Video thumbnail
කෝටි 5ක කුෂ් සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:07
Video thumbnail
අජිත් - වටගල පාර්ලිමේන්තුවේ පැටලෙයි..මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න මිනිස්සු බදාගත්තේ නෑ අපි
05:34
Video thumbnail
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති අනුරත් හමුවෙයි
02:52
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙන්න ගිය විපක්ෂ නායක
00:53
Video thumbnail
කොහොමද බඩු ටික හංගලා තියන තැන
02:13
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:43
Video thumbnail
ෆොන්සේකා දේශපාලනයට එයි කියන බය එදා පාලකයන්ට තිබුණා - අභියෝගයක් වීම නැවැත්වීමට මේක කළේ
06:21
Video thumbnail
සජිත්ට පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ
06:24