සුදු වෑන් නඩුවේ සාක්ෂිකරුවෙකුට වරෙන්තු – CIDයෙන් සිදු වූ බලපෑමක් ගැන අධිකරණයේ දී හෙළිදරව්වක්

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු වශයෙන් නම් කර සිටින එම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර නමැත්තා අද දින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ යි විභාගයට ගනු ලැබුවේ.

එම අවස්ථාවේ දී සකල වන්නිආරච්චිගේ සරත් කුමාර නමැති සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මහාධිකරණ විනිසුරුවරයා විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

අනතුරුව ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේ අදාළ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ තවත් පුද්ගලයෙකු වන අතුල සංජීව මදනායක නමැත්තා සාක්ෂි ලබා දුන්නා.

මෙහිදී සාක්ෂිකරු කියා සිටියේ අදාළ මාධ්‍ය සාකච්ඡාවේ දී තමන් විසින් ප්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් තමන්ට හොඳ මතකයක් පවතින බවයි.

එම මාධ්‍ය සාකච්ඡාවේදී තමා ප්‍රකාශ කළේ තම ජීවිතයේ දී අත්විඳින්නට සිදුවූ සත්‍ය සිදුවීම් බවත් ඔහු කියා සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගත් බවත් ඉන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපෑම මත තමන් විසින් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විත්තිකාර රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකළ බවත් සාක්ෂිකරු කියා සිටියා.

එම වකවානුවේ රහස් පොලිසියේ සිටි අධ්‍යක්ෂවරයකු තමා වෙත පැමිණ දින 21 කින් ගෙදර යනවාද? නැත්නම් අඩි ගණනක් පොළොව යටට යනවා ද? යනුවෙන් තමන් ගෙන් විමසා සිටි බවත් දින 21 කින් ගෙදර යාමට අවශ්‍ය නම් “උඹගේ කටඋත්තරයේ තිබෙන රාජා කියන නම රාජිත කියා වෙනස් කරපන්” යනුවෙන් බලපෑම් කළ බවයි සාක්ෂිකරු කියා සිටියේ.

රන් භාණ්ඩ කොල්ලකෑම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් පවතින බවත් සාක්ෂිකරු පිළිගත්තා.

මෙම අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු හරස් ප්‍රශ්න විමසීමක් සිදු කළේ නැහැ.

අනතුරුව වැඩිදුර නඩු විභාගය ජුනි මස 08 වනදාට කල් තැබුණා.

2019 වසරේ නොවැම්බර් මස 10 වනදා කොළඹ පැවති අදාළ මාධ්‍ය සාකච්ඡාව හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම , ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම නඩුව කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39