සීතා ඇතින්නගෙන් රුධිර සාම්පල ලබා ගනී (වීඩියෝ)

මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුව මහරගම සීතා ඇතින්නගේ රුධිර සාම්පලයක් ලබා ගැනීම අද සිදු කෙරුණා.

නියෝගයට අනුව පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා විසිනුයි අද මහරගම පැලැන්වත්ත නාගස් මාවතේ පිහිටි සීතා ඇතින්න භාර රොෂාන් මහතාට අයත් අලි ගාලේදී මෙම සාම්පල ලබා ගැනීම සිදු කෙරුණේ.

මෙහිදී අශෝක දංගොල්ල මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම විසින් ස්ථාන දෙකකින් රුධිර සාම්පල ලබා ගත් අතර මහේස්ත්‍රාත්වරයා විසින් කුමන ස්ථානයකින් සාම්පලයක් ලබා ගන්නේ ද යන්න සඳහන් කර නොමැති නිසා සාම්පල දෙකක් ලබා ගත් බව අශෝක දංගොල්ල මහතා ප්‍රකාශ කළා.

වනජීවී නිලධාරීන්ට මේ පිළිබඳ මහියංගන පොලිසියෙන් සහ මිරිහාන පොලිසියෙන් දැනුම් දී තිබුණ ද මෙම ස්ථානයට වනජීවී නිලධාරීන් පැමිණි නොතිබීම විශේෂත්වයක්.

වෙඩි වැදී ඇති තුවාල අටෙන් තුනකට අවශ්‍ය ප්‍රතිකාර කර ඇති නමුත් ඇතින්න ගේ ක්‍රියාශීලිත්වය අඩුවීම නිසා පපුව තුළ යම් ලෝහ ද්‍රව්‍යයක් ඇද්ද යන්න නිරීක්ෂණය කිරීමට පහසුකම් නොමැති බව ද වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

මෙම සාම්පල ලබා ගැනීමේ අවස්ථාවට මහියංගන පොලිසියේ නිලධාරීන් සහ මිරිහාන පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන් පැමිණ සිටි අතර රුධිර සාම්පල අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් එම ස්ථානයේදීම මුද්‍රා තබා රැගෙන යනු ලැබුවා.

අප වාර්තාකරු සඳහන් කළේ එම ස්ථානයට වැඩම කර සිටි මහා සංඝරත්නය සීතා ඇතින්නට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් පිරිත් නූලක් දමා පිරිත් සජ්ඣායනය ද සිදු කළ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49