spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිගරැට් බීඩී උරන – කරාබු දාන සැමියා එපා

තම සැමියා නිරන්තරයෙන් සිගරට් සහ බීඩි බීමට තදබල ලෙස ඇබ්බැහි වී සිටින බවත් ඔහු නිතර කරාබු පළඳින බවත් මේ නිසා තමාට ඔහුගෙන් දික්කසාද වීමට අවශ්‍ය බවත් උපාධිධාරී 25 හැවිරිදි ගුරුවරියක උහන පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

පැමිණිලිකාර උපාධි ගුරුවරිය හා ඇයගේ 29 හැවිරිදි විවාහක සැමියාද කැඳවා මෙම පැමිණිල්ල විභාග කර තිබෙනවා.මෙම පුද්ගලයින් උහන පොලිස් වසමේ පදිංචිකරුවන් වන අතර මෙම අඹුසැමි යුවලට කුඩා දරුවෙකු සිටියි. පැමිණිලිකාරිය උහන පොලිස් වසමේ රජයේ පාසලක උපාධිධාරී ගුරුවරියකි. ගුරුවරියගේ සැමියා රැකියාව වශයෙන් කුලීවැඩ කරන්නෙකු බවත් ගුරුතුමිය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේ ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගෙන මිට වසර 04කට ඉහතදී විවාහ වී ඇති බවත් පැමිණිලි විභාගයේදී අනාවරණය වී තිබෙනවා.

විවාහ වීමෙන් පසුව සැමියා තදබල ලෙස සිගරට් හා බීඩි වලට ඇබ්බැහි වී සිටින බව දැන ගත් බව කොතෙක් කිව්වත් ඔහු පුරුද්ද අත් නොහරින බවත් බිරිඳ පවසා තිබෙනවා. සිගරට් සහ බීඩි බීම නිසා වහනය වන දුඟද ඉවසා ගැනීමට නොහැකිව වමනය යන අවස්ථා පවා තිබෙන බවත් මේ නිසා සැමියා ලඟට එනවටත් කැමති නැති බවත් බිරිඳ පවසා ඇත.

කොතෙක් නිවරදි කලද ඔහු මෙම පුරුද්ද අත නොහරින බවද ඇය පවසයි.මෙහිදි තමා මින් ඉදිරියට මෙම වැරදි නොකරන බව පැමිණිල්ල විභාග කිරීමේදී සැමියා පොලීසිය ඉදිරියේ පොරොන්දු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?