දෙමළ ජාතික සන්ධානයේ, කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ට යාපනය අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා එවන ලද ලියවිල්ල භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අදාළ ලිපිය සිංහල භාෂාවෙන් තිබීම හේතුවෙන් එය භාරගැනීම මෙලෙස ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
යාපනය අධිකරණයේ එළඹෙන 20 වනදා පෙනී සිටින ලෙසට දැනුම් දෙමින්, ඊයේ (14) පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් සිතාසිය භාරදීමට මන්ත්‍රීවරයා හමුවූ අවස්ථාවේ දී එය භාර ගැනීම මෙලෙස ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.
එය සිංහල භාෂාවෙන් තිබීම හේතුවෙන් තමාට සිංහල කියවීමට නොහැකි බව පොලිස් නිලධාරීන් දෙදෙනාට දන්වමින් එම ලියවිල්ල මෙලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අනතුරුව පොලිස් නිලධාරීන් විසින් එය පරිවර්තනය කොට මන්ත්‍රීවරයාට ලබාදීමේ දී මන්ත්‍රීවරයා පවසා ඇත්තේ සිතාසියක් හෝ අධිකරණ නියෝගයක් නිකුත් කිරීමට පොලීසියට නොහැකි බවත්, තමන්ට දමිළ භාෂාවෙන් අධිකරණය මඟින් ලියාපදිංචි තැපෑලෙන් සිතාසියක් ලැබෙන්නේ නම් පමණක් එය පිළිගන්නා බවයි.













