සැමියාගේ අනියම් ඇසුරට බිරිඳගෙන් ලැබුණු දඬුවම (ඡායාරූප)

අනියම් සම්බන්ධතාවක් පැවැත් වූ බව කියන කාන්තාවකට සහ පුරුෂයෙකුට අමානුෂික අන්දමින් දඬුවම් ලබාදුන් සිදුවීමක් ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රී සත්‍ය සායි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එම අනියම් සම්බන්ධතාව පවත්වාගෙන ගිය පිරිමි පුද්ගලයාගේ බිරිඳ සහ නැන්දම්මා විසින් මෙලෙස දඬුවම් පමුණුවා ඇති බවයි ඉන්දීය මධ්‍ය වාර්තා කර තිබුණේ.

එහිදී අදාළ සම්බන්ධතාව පවත්වාගෙන ගිය යුවළගේ හිසකෙස් කපා බෙල්ලේ සෙරෙප්පු සපත්තු එල්ලා ඔවුන්ගේ දෑත් බැඳ ගම්මානයේ වීදිවල ඇදගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

අදාළ දඬුවම් පැමිණවූ නාසියා නැමති කාන්තාව චෝදනා කළේ ඇගේ සැමියා වන 30 හැවිරිදි හුසේන්, ෂබානා නැමැති 32 හැවිරිදි කාන්තාවක් සමඟ මෙලෙස අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් මෙලෙස වද හිංසා පමුණුවමින් දඬුවම් ලබාදීමට මුල් වූ නාසියා නැමති කාන්තාව සහ ඇයගේ පවුලේ සාමාජිකයින්, ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාරදීමට කටයුතු කර තිබෙනවා.