සාමාන්‍ය පෙළ විභාගය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

2022 වසරේ සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන අප්‍රේල් මස අග හෝ මැයි මස මුල දී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

2023 තුළදී සියලු විභාග නියමිත කාලයට පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි අද (27) පැවති විශේෂ මාධ්‍ය හමුකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ,

චීනයෙන් නිල ඇඳුම් 70%ක් ලැබෙන බවත් , එහි පළමු තොගය දෙසැම්බර් 3වනි සතියේ ලැබෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ලබන වසරේ මාර්තු වන විට පාසල් නිලඇඳුම් බෙදාහරින බවත් සඳහන්. සෙස් බද්ද නිසා පොත් සහ පාසල් උපකරණ මිල ඉහළ ගොස් ඇති අතර එය අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර අභ්‍යාස පොත්වලට සෙස් බද්ද අඩු කිරීමට පියවර ගන්නා බවද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?