spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ගැන විශේෂ සාකච්ඡාවක්

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියානු NTPC ආයතනය එක්ව ක්‍රියාත්මක කරන මෙගාවොට් 130ක සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්වා තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ඉන්දියානු NTPC විදුලිබල සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවයන ආයතනවල නිලධාරීන්ගේ එක්ව සිටියා.

මෙම ව්‍යාපෘතියේ මෙගාවොට් 50ක පළමු අදියර සදහා වන බලශක්ති බලපත්‍රය නිකුත්කිරීම ලබන සතියේ සිදුකිරීමට නියමිතයි.

මේ අතර ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සමඟ ව්‍යාපෘතියට සහ සම්ප්‍රේෂණ කටයුතුවලට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් මෙහිදී සාකච්ඡා සිදුකරනු ලැබුවා.

මෙරට විදුලිබල සම්ප්‍රේෂණ සහ ජාල සංවර්ධනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් සහ ව්‍යාපෘති සංවර්ධනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක ණය ආධාර ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් ද මෙහිදී ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකු නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?