spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ස්විට්සර්ලන්ත තානාපති සහ අනුර දිසානායක අතර හමුවක්

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි සිරි වෝල්ට් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා.

අද (13) පස්වරුවේමෙම හමුව පැවැත්වුණේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදීයි.

මෙම හමුව සඳහා තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පළමු ලේකම් ජස්ටින් බොයිලට් මහත්මිය සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් ද එක්ව සිටියා.

මේ වන විට රට තුළ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය මෙහිදී දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන්වූ බව සඳහන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ආණ්ඩුව විසින් ජනතාව මත පටවමින් ඇති අධික බදු බර හමුවේ ජනතාව පත්වී ඇති පීඩාකාරී තත්වය තානාපතිවරියට පෙන්වා දුන් බවයි අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම ආණ්ඩුව විසින් මැතිවරණ කල්දමා ජනතාවගේ ඡන්ද අයිතිය පැහැර ගැනීම පිළිබඳවද මෙහිදී කරුණු දක්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?