ස්විට්සර්ලන්ත තානාපති සහ අනුර දිසානායක අතර හමුවක්

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි සිරි වෝල්ට් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා.

අද (13) පස්වරුවේමෙම හමුව පැවැත්වුණේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදීයි.

මෙම හමුව සඳහා තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පළමු ලේකම් ජස්ටින් බොයිලට් මහත්මිය සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් ද එක්ව සිටියා.

මේ වන විට රට තුළ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය මෙහිදී දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන්වූ බව සඳහන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ආණ්ඩුව විසින් ජනතාව මත පටවමින් ඇති අධික බදු බර හමුවේ ජනතාව පත්වී ඇති පීඩාකාරී තත්වය තානාපතිවරියට පෙන්වා දුන් බවයි අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම ආණ්ඩුව විසින් මැතිවරණ කල්දමා ජනතාවගේ ඡන්ද අයිතිය පැහැර ගැනීම පිළිබඳවද මෙහිදී කරුණු දක්වා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18