spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියට එරෙහි අධිචෝදනා සංශෝධනයට අවසර

2019 වසරේ නොවැම්බර් මස සුදු වෑන් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර සිදු කළ බවට පොලීසිය වෙත අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කළේ යැයි චෝදනා එල්ල වී සිටින කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීමට කොළඹ මහාධිකරණය අද නීතිපතිවරයාට අවසර ලබාදී තිබෙනවා.

ඒ මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් වළල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී යි.

එහිදී නීතිපතිවරයා කර තිබූ ඉල්ලීමට අනුව අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට විනිසුරුවරයා අවසර ලබාදුන්නා.

ඉන් අනතුරුව අදාළ නඩුව ජුන මස 15 වනදා කැඳවන ලෙසටයි අධිකරණය නියෝග කළේ.

2019 වසරේ නොවැම්බර් මස 25 වනදා කොළඹ, කුරුඳුවත්ත පොලිස් වසම තුළ පිහිටි ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසළ දී සුදු වෑන් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර සිදු කරමින් ප්‍රශ්න කළ බවට අසත්‍ය පැමිණිල්ලක් පොලිසිය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?