spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සරසවි සිසුවෙක් හිටිහැටියේ අතුරුදන්

ඊයේ (18) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකු අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කරන්නේ මෙලෙස අතුරුදන්වී ඇත්තේ 24 හැවිරිදි යක්කල ප්‍රදේශයේ පදිංචි අංජන කුලතුංග නැමැති තරුණයෙක් බවයි.

පසුගිය 16 වනදා අතුරුදන් වූ අය විසින් ලියන ලද බවට සැකකරන ලිපියක් ඔහු නැවතී සිටි බෝඩිම් කාමරයේ තිබී සොයා ගෙන ඇති බවද පොලීසිය පවසයි.

මෙම සිසුවා සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තොරතුරුක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?