සමාජ මාධ්‍යවලින් අසත්‍ය තොරතුරු පැතිරවු තරුණයෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පැතිර වු ගම්පොළ, කහටපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බුද්ධි අංශවලින් ලද තොරතුරක් මත සිදුකළ වැඩිදුර විමර්ශනවල දී 19 හැවිරිදි එම තරුණයා අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මෙහිදී අදාළ තරුණයාගේ ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන තිබේ.

ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.