spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සමාජජාල කැළඹූ වීඩියෝවේ සිද්ධියට 7ක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පසුගිය දිනවල සංසරණය වූ වීඩියෝවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරීන් ඉදිරියේ පිරිසක් ගැටුමක් ඇතිකරගන්නා අයුරු එම වීඩියෝවේ පටිගත වී තිබුණු අතර පොලීසිය ඒ සම්බන්ධයෙන් ක්‍රියා නොකරන අයුරු ද එහි දක්නට ලැබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 

අත්අඩංගුවටගත් පිරිස එළඹෙන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.  

බියගම පොලිස් වසමේ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ අවන්හලක් අසලදී අදාළ සිද්ධිය ඇති වී තිබුණු බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?