සම්මානනීය ගායකයෙකු වෙඩි තබා ඝාතනය කරයි

 බටහිර පන්ජාබ් ප්‍රාන්තයේ දි ඉන්දියාවේ සම්මානනීය ගායකයෙකු වන සිධූ මූස්වාලා වෙඩි තබා ඝාතනය කර තිබේ.

මූස්වාලාගේ රථය ලුහුබැඳ පැමිණි පිරිසක් බටහිර පන්ජාබ් හි මැන්සා දිස්ත්‍රික්කයේ දි ඔහුට වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ලෝරන්ස් බිෂ්නෝයි නම් අපරාධ කල්ලියක් විසින් එම ඝාතනය සිදුකර තිබෙනවා.